කොළඹ වරාය රුපියල් බිලියන 19ක පමණ ලාභයක් උපයයි

December 10, 2023 - 3:39 PM
මේ වසර තුළ රුපියල් බිලියන 19ක පමණ ලාභයක් කොළඹ වරාය උපයා ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට අදාළව මේ වනවිට ආයෝජකයින් 6 දෙනෙකු ඉදිරිපත්ව සිටින බවයි.

පසුගිය කාල සීමාව තුළ කොළඹ වරායට මගී නෞකා කිහිපයක් පැමිණීමත් සමඟ මේ වන විට කොළඹ වරායේ විශාල ප්‍රගතියක් පෙන්නුම් කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරාගෙන සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු එළැඹෙන මැයි මාසයේදී සිදුකිරීමට හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
(lknews.lk)