කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට
December 04, 2024 - 4:05 PM
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය එහි ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය අද (04) දිනයේදී වාර්තා කර තිබෙනවා.
එම අගය ඒකක 171.69 කින් ඉහළ ගොස් 13,511.73 ක් ලෙස සටහන් වුණා.
ඒ අනුව මුළු පිරිවැටුම රු. බිලියන 5.2ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.
මීට පෙර 2022 ජනවාරි 19 වනදා කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය එහි ඉහළම අගය වාර්තා කර තිබුණා.
(lknews)