නොවැම්බර් මාසයේ උද්ධමනය ඉහළට

November 30, 2023 - 5:49 PM
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 නොවැම්බර් මාසයේ උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මතුපිට උද්ධමනය ඔක්තෝබර් මාසයේ වාර්තා වූ අගය වන 1.5% සිට නොවැම්බර් මාසයේ දී 3.4%ක් දක්වා ඉහළ ගිය බව සඳහන්.

මීට අමතරව ආහාර උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී සියයට -3.6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 6.8%ක් බවයි වාර්තා වන්නේ.
(lknews.lk)