කොළඹ ත්‍රී රෝද රථ රනිල්ට සහය දැක්වීමට සැරසෙයි

June 23, 2024 - 12:13 PM
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහය පලකරමින් කොළඹ නගරය පුරා ත්‍රිරෝද රථවල ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මරදානේදී මෙම කටයුත්ත ආරම්භ කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

කොලඹ නගරය පුරාම ජනතාව දැනුවත් කිරීම සදහා මෙසේ ත්‍රිරෝද රථ වල ස්ටිකර් ඇලවීම සිදුකරන බව ඔහු ප්‍රකාශ කළා.
(lknews.lk)