කොළොන්නාව වෙනස් වෙයි

June 08, 2024 - 6:42 PM
කොළොන්නාව නගරය මේ වන විට තිබෙන තැනින් ඉවත් කර එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

ඒ අනුව දැනට පහත් බිම්වල තිබෙන රෝහල්, පාසල් ,නිවාස, වෙළෙඳ සංකීර්ණ ආදී සියල්ල උස් භූමිවල ස්ථාපිත කිරීමට නියමිත බව සඳහන්.

එමෙන්ම කොළොන්නාව නව නගර සැලසුම අනුව අනවසර ඉදිකිරීම් තහනම් කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමටද නියමිත බව වාර්තා වනවා.

(lknews)