අපේක්ෂයන් 1,040කට කොමිසමෙන් නීතිමය ක්‍රියාමාර්ග

December 17, 2024 - 8:08 PM
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන් ඇතුළු 1,040 දෙනෙක්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක කියා සිටියේ අදාළ පාර්ශව සම්බන්ධයෙන් පොලීසියට කරුණු වාර්තා කරන බවයි.

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා ලබාදීමේ කාලසීමාව පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

එම වාර්තා ලබා නොදීම මත යම් අපේක්ෂකයෙක්ට නඩු පැවරුවහොත් එම අපේක්ෂකයාට පළාත් සභා හෝ පළාත් පාලන ඡන්ද විමසීමක අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්වීමට හැකියාවක් නොමැති බවද මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක වැඩිදුරටත් සඳහන් කළා.

(lknews.lk)