බදු වැඩි නිසා මත්පැන් අලෙවිය අඩු වූ බවට සමාගම් හඬා වැටෙයි

November 17, 2023 - 11:30 AM

2023 සැප්තැම්බර් 30 න් අවසන් මාස 03ක කාලපරිච්ඡේදය තුළ දී මෙරට සමස් මද්‍යසාර පාන කර්මාන්තයේ පරිමාව 12% කින් පහළ ගොස් ඇති බව එම සමාගම් පවසනවා.

ඒ අනුව 2023 වසරේ ජනවාරි සහ ජූලි මාසවල දී මද්‍යසාර පාන සඳහා කළ සංශෝධනවලින් 44%කින් පමණ බදු ඉහළ නංවා ඇති බවයි මෙරට ලැයිස්තුගත සමාගමක් වන LION BREWERY CEYLON PLC සමාගම සිය නවතම මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ.

බදු ඉහළ නැංවීම හමුවේ මත්පැන් මිල ඉහළ යාම මෙලෙස ඒ සඳහා පවතින ඉල්ලුම පහළ යාම සිදුව ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් භාවිතය මේ වන විට කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
(lknews.lk)