මාලිමාව සභා 151ක බලය පිහිටුවයි

June 03, 2025 - 9:38 AM
පළාත් පාලන මැතිවරණයේදී තනි පක්ෂයක් විසින් බහුතර බලය හිමි කරගත් පළාත් පාලන ආයතන 161ක වැඩ කටයුතු ඊයේ (02) නිල වශයෙන් ආරම්භ වුණා. 

එහිදී ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 151ක බලය තහවුරු කරගෙන තිබූ බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පළාත් පාලන ආයතන 6ක බලයද, ජාතික කොංග්‍රසය පළාත් පාලන ආයතන 2ක බලය ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ස්වාධීන කණ්ඩායමක් එක් සභාවක බලයද හිමි කරගෙන තිබෙනවා. 

කෙසේ වෙතත් සමගි ජන බලවේගයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට කිසිදු පළාත් පාලන ආයතනයක බලය තහවුරු කර ගැනීමට කොකි වී තිබෙනවා. 

(lknews)