අස්වැසුම තවත් පවුල් කිහිපයකට දෙයි

April 10, 2024 - 11:24 AM
අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ අනුව අභියාචනා සහ විරෝධතා සළකා බලා මෙම පිරිසව අස්වැසුම ලේඛනයට ඇතුළත් කර තිබෙන බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වන දා වන විට ගිණුම් ගත කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(lknews.lk)