දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බාධා

October 12, 2023 - 10:30 AM
පස්කන්දක් කඩා වැටීමෙන්, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටස තවදුරටත් අවහිර බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. 
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි එම අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ. 
 
ඒ අනුව කොට්ටාව සිට හම්බන්තොට දක්වා ගමන් කරන සියලු රථවාහන පින්නදූව පිවිසුමෙන් පිටවිය යුතු අතර, ගාල්ල, දෙනියාය මාදම්පේ ඔස්සේ ගමන් කර නැවත ඉමදූව පිවිසුවමන් අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකියි. 
 
හම්බන්තොට සිට කොට්ටාව දෙසට පැමිණෙන සියලු රථ වාහන, ඉමදූව පිවිසුමෙන් පිටවිය යුතු අතර ගාල්ල දෙනියාය - මාදම්පේ මාර්ගය ඔස්සේ ගමන් කර නැවත පින්නදූව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.
 
එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් නායයාම හේතුවෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ගණන 06 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබෙනවා. 
 
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පින්නදූව සහ ඉමදූව අතර 102වන කිලෝමීටර් කණුව ආසන්නයේ මාර්ගය දෙපසම කඳු මෙලෙස නායගොස් ඇති බවයි. 
 
එසේම එම කඳු ප්‍රදේශවල ඉහළ සිටින පදිංචිකරුවන් කඩිනමින් ආරක්ෂිත ස්ථානය කරා යොමුවන ලෙසත් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
(lknews.lk)