මන්කි පොක්ස් සඳහා පළමු එන්නත් තොගය කොංගෝ රාජ්‍යයට ලැබෙයි

September 06, 2024 - 3:46 PM
මන්කි පොක්ස් පළමු එන්නත් තොගය කොංගෝ රාජ්‍යයට ලැබී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩෙන්මාර්ක සමාගමක් විසින් නිෂ්පාදනය කර තිබෙන මෙම එන්නත් තොගයට එන්නත් ලක්ෂයක් ඇතුළත් බවයි.

තවත් එන්නත් ලක්ෂයක් හෙට දිනයේදී ලබා දීමට නියමිතව තිබෙනවා.

එන්නත් සිදු කරන දිනය සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දීමක් සිදු නොකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.


(lknews)