පාරිභෝගික අධිකාරිය වැටලීම්වලින් මිලියන ගණනක් උපයයි

January 16, 2025 - 11:38 AM
පසුගිය වසරේ සිදුකළ වැටලීම් මඟින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රුපියල් මිලියන 207කට අධික දඩ මුදලක් අය කරගෙන තිබෙනවා.

එම අධිකාරිය පසුගිය වසරේදී වැටලීම් 24,761ක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී නඩු පැවරීම් 23,953ක් සිදු කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සඳහන් කළේ දැනට නඩු පැවරීම් සිදුකර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පැවරීමට නිලධාරීන්ට අදාළ උපදෙස් දුන් බවයි.

(lknews.lk)