උත්සව සමයේ අඛණ්ඩව විදුලිය

December 23, 2023 - 10:27 AM
එළැඹෙන නිවාඩු සමය සඳහා විදුලිය අඛණ්ඩව සැපයීමට කටයුතු කරන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව හදිසි නොවන නඩත්තු කටයුතු සඳහාද විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබා දුන් බව අමාත්‍යවරයා සඳහන් කළා.

නිතර විදුලි සැපයුම අත්හිටුවන බවට ජනතාවගෙන් ලැබුණු පැමිණිලි ගැන අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
(lknews.lk)