ක්‍රිකට් විමර්ශන කටයුතුවලින් කෝප් සභාපති ඉවතට

November 26, 2023 - 12:02 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන කටයුතුවලින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉවත් කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදීයි.

ඒ සඳහා සියලු පක්ෂ නායකයින් එකඟතාව පළකර ඇති බවට වාර්තා වන අතර අදාළ විමර්ශන කටයුතු කෝප් කමිටුවේ වෙනත් සාමාජිකයෙකුගේ මූලිකත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇති බවද සඳහන්.

පසුගිය දා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය සහ ඔහුගේ පුත්‍රයා කමිටුවට සහභාගීවීම දැඩි ආන්දෝලනයට පත් වුණා.

කෙසේ වෙතත් සෙසු කාරනා හමුවේ ඔහු කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඊට සහභාගි වනු ඇති.
(lknews.lk)