කොරෝනා යළි හිස ඔසවයි

December 22, 2023 - 11:57 AM
ජේ එන් 1 ඔමික්‍රෝන් උප ප්‍රභේදයට අයත් නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ඔහු පවසා සිටියේ කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම මේ වන විට අවම මට්ටමක පවතින බැවින් මේ මොහොතේ එහි පැතිරීමේ තත්ත්වය ගැන විද්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැකි බවයි.

යළි මුහුණු ආවරණ පැළඳීමට යොමුවීම වඩාත් සුදුසු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(lknews.lk)