හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට අධිකරණයෙන් කල්දෙයි

November 30, 2023 - 2:26 PM
අභියාචනාධිකරණය විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කල් ලබා දී තිබෙනවා.

ඒ, අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහායි.

ඔහු පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් හරහා අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතිඥවරියක විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා. 
(lknews.lk)