ප්‍රතික්ෂේප වූ නාම යෝජනා භාරගන්නැයි අධිකරණයෙන් නියෝග
April 04, 2025 - 11:18 AM
ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.
සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
(lknews.lk)