නැවතත් මුව ආවරණ පළඳින්න වන ලකුණු

December 18, 2023 - 5:43 PM
පසුගිය සතිය තුළ දී සිංගප්පූරුවෙන් Covid-19 රෝගීන් 56,000ක් හඳුනාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2023 දෙසැම්බර් 3 සිට 9 දක්වා සතිය තුළ දී මෙම රෝගීන් පිරිස හඳුනාගෙන ඇති බව සඳහන්.

මේ හේතුවෙන් නැවතත් මුව ආවරණ පැළදීමට ජනතාවට සිදුවනු ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

මීට අමතරව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් සහ තමිල්නාඩුවවෙන් ද Covid-19 නව උප ප්‍රභේදයක් වන JN.1 හඳුනාගෙන තිබෙනවා.

මේ වන විට රටවල් 40ක පමණ Covid-19 උප ප්‍රභේද වාර්තා වී ඇති බව සඳහන්.

නමුත් චීනයේ ආසාදන අඩු වසංගත මට්ටමක් පවතින බවත් චීනයේ ශ්වසන රෝගකාරක නිරීක්ෂණය කිරීමේදී නොදන්නා වෛරස් හෝ බැක්ටීරියා කිසිවක් හමු නොවූ බවත් චීන සෞඛ්‍ය බලධාරීන් පැවසුවා.
(lknews.lk)