ඔලිම්පික් සඳහා ක්‍රිකට් එක්වෙයි

October 16, 2023 - 5:35 PM
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් 2028 දී ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලත් කිරීමට තීරණය කර තිබෙනවා.

එය ලොස් ඇන්ජලීස් හි පැවැත්වීමට නියමිතයි.

ඔලිම්පික් තරගාවලිය ආරම්භ කර, වසර 100කට පසුව ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් සඳහා එක් කිරීම විශේෂත්වයක්.

වසර දෙකක කාලයක් තුළ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අධ්‍යනය කර ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීම සිදුකර තිබුණා.

පසුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මුම්බායි හි පැවති සැසියෙන් අනතුරුව මෙම තීරණය නිල වශයෙන් අනුමත කර තිබෙනවා.
(lknews.lk)