ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයට එරෙහි පෙත්සම් විභාගය කල් යයි

December 05, 2023 - 12:43 PM
ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයට එරෙහිව ගොනු කළ පෙත්සම යළි දෙසැම්බර් මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා කල් අවශ්‍ය බවයි අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේ දී පවසා ඇත්තේ.
(lknews.lk)