මන්ත්‍රී හරිනිගෙන් විවේචනයක්

March 02, 2024 - 1:38 PM
ජනවරමක් නොමැති ආණ්ඩුවකට ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව ආදී ආයතන විකුණා දැමීම සම්බන්ධයෙන් තීරණ ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

ඒ, ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයන් සමඟ ඊයේ (01) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මෙම හමුවේ දී එම ආයතන වර්තමානයේ මුහුණ දී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
(lknews.lk)