බොරතෙල් මිල ඉහළට

January 07, 2024 - 5:42 PM
නව වසරේ පළමු සතිය තුළ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සුලු ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78ක මට්ටමේ පැවතුණු අතර ඩබ්ලිව් ටී අයි තෙල් මිල ඩොලර් 73 සීමාවට ළඟා වී තිබෙනවා.

පසුගිය සතියට සාපේක්ෂව ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් සියයට 2.24 කින් ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1.51 කින් ඉහළ ගොස් තිබෙනවා.
(lknews.lk)