බොරතෙල් මිල තවදුරටත් ඉහළට
March 25, 2024 - 3:03 PM
ගාසා තීරයේ, යුක්‍රේනයේ සහ රුසියාව අතර පවතින ගැටුම් වල ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතිනවා.
ඒ අනුව අද (25) දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.82ක් ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම ඇමරිකානු W.T.I බොරතෙල් මිල සටහන් වී තිබුණේ, ඩොලර් 81.4ක් ලෙසයි.