කොළඹ වරාය නගරයේ Crypto Currency වෙනුවෙන් මධ්‍යස්ථාන 2කට අවසර

October 27, 2023 - 12:25 PM
කොළඹ වරාය නගරයේ Crypto Currency හුවමාරු මධ්‍යස්ථාන 2ක් පවත්වාගෙන යාමට අවසර ලබා දුන් බව වරාය නගර කොමිසම රජයේ මුදල්කාරක සභාවට දැනුම් දී තිබෙනවා.

වරාය නගර කොමිසමේ නිලධරීන් මේ බව දැනුම් දී ඇත්තේ පසුගිය දා රජයේ මුදල්කාරක සභාව රැස් වූ අවස්ථාවේදීයි.

ඒ පිළිබඳව මහ බැංකුවේ මතය විමසන ලෙස මුදල් කාරක සභාව එහිදී නිර්දේශ කළා.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා ද රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
(lknews.lk)