රේගු නිලධාරීන් නැවතත් අකුරට වැඩ

March 19, 2024 - 12:04 PM
රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද උදෑසන 9 සිට පස්වරු 4.45 දක්වා මෙම අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වාගෙන යන බව රේගු නිලධාරීන්ගේ සංගමයේ, සභාපති, අමිල සංජීව මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.

පසුගිය සිකුරාදා ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට බහාලුම් 4000 කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව වාර්තා වන බවද ඔහු සඳහන් කළා.
(lknews.lk)