රේගු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

March 18, 2024 - 4:04 PM
රේගු නිලධාරීන් අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) පස්වරුවේ නැවත ආරම්භ කරන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසනවා.

රේගු නිලධාරීන් අද පෙරවරුවේ සාමාන්‍ය සේවා ආරම්භ කළ බවත් පස්වරු 4.45 ට වැඩ අවසන් කරන බවත් එම සංගමය පැවසුවා.

ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන්නේ, ඒ් රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ පවතින ගිණුමක් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමටයි.
(lknews.lk)