රේගු නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි

July 04, 2024 - 11:41 AM
රේගු නිලධාරීන්ගේ සංගමය අද (04) සහ හෙට (05) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ දේශීය ආදායම්, ශ්‍රී ලංකා රේගුව හා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර පිහිටුවීමට යෝජිත ශ්‍රී ලංකා ආදායම් අධිකාරි පනතට විරෝධය පළ කරමින්.

දේශීය ආදායම්, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව හා රේගු වෘත්තීය සමිති ඒකාබද්ධව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණා.

නමුත් ඊයේ (03) දේශීය ආදායම් හා සුරාබදු වෘත්තීය සමිති ඉන් ඉවත් වුණා.

(lknews)