අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

April 10, 2024 - 11:07 AM
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙනවා.

මෙරට අන්තර්ජාල සබඳතාවයකින් සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බව හෙළි වී තිබෙනවා.

මෙය සිදුකළේ කවුරුද යන්න හඳුනා ගැනීම සඳහා අන්තර්ජාල සේවා සපයන්නන්ගෙන් තොරතුරු ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළා.

(lknews.lk)