අනවසරයෙන් ඩ්‍රෝනා යානාවක් ගුවන්ගත කළ චෙක් ජාතිකයා අත්අඩංගුවට

February 20, 2024 - 2:11 PM
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයකින් තොරව ඩ්‍රෝනා යානාවක් ගුවන්ගත කළ 67 හැවිරිදි චෙක් ජාතික ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම විදේශිකයා ඩ්‍රෝනා යානාව ගුවන්ගත කර ඇත්තේ කන්දකුලිය තුඩාව ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදීයි.

පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා සිටියේ ස්වභාවික පරිසරය රූගත කිරීම සඳහා පමණක් කැමරාව සහිත ඩ්‍රෝනා යානාව ගුවන් ගත කළ බවයි.

නමුත් ඔහු විසින් රූගත කළ සියලු පටිගත කිරීම් මකා දැමීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කළා.
(LKNEWS)