සෞඛ්‍ය සේවකයින්ටත් DAT

February 16, 2024 - 3:09 PM
සෞඛ්‍ය සේවකයින්ට DAT දීමනාව ලබා දීම, නිල ඇඳුම් දීමනාව ඉහළ දැමීම මෙන්ම අතිකාල ගැටළු නිරාකරණය කිරීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ, වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000ක DAT දීමනාව ඉල්ලා වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩ වර්ජනය ඊයේ අවසන් වීමෙන් පසුවයි.

කෙසේ වෙතත් රාජ්‍ය සේවා හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ එම දීමනාව ලබා දෙන ආකාරය පිළිබඳව අවසන් තීරණය එළඹෙන 19 වැනිදා සාකච්ඡා කිරීමට නියමිත බවයි.  
(LKNEWS)