දෛනික ජල, විදුලි ඉල්ලුම ඉහළට

February 23, 2024 - 4:11 PM
මේ වන විට දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 47ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සම ලේකම් නන්දන උදය කුමාර පවසන්නේ, ජනවාරි මස 23 වනදා වන විට 50%ක පමණ පැවති ජල විදුලිය සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලි ජනනය කිරීම මේ වනවිට 30%ත් 35%ත් අතර මට්ටමක් දක්වා පහත වැටී ඇති බවයි.

එමෙන්ම අධික උෂ්ණත්වය හේතුවෙන් ජල පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවා.
(lknews.lk)