සුදු මැස්සාගෙන් පොල් වගාවට හානි

March 10, 2024 - 12:11 PM
වියළි කාලගුණය සමඟ පොල් වගාවට සිදුවන සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරික්ෂණය වී ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

සුදු මැස්සාගේ හානිය දැනට පවතින ප්‍රදේශ ලෙස, පුත්තලම දිස්ත්‍රික්කයේ දංකොටුව, නාත්තන්ඩිය, මාරවිල නගරය අවට හලාවත, මුගුණුවටවන, ආරියගම, බත්තුලුඔය සහ මුන්දලම ප්‍රදේශ නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලත් සුදු මැස්සාගේ රෝගය ඇත්දැයි විමසිලිමත් වන ලෙස ද පොල් වගා කිරීමේ මණ්ඩලය වගාකරුවන්ගෙන් ඉල්ලීමක් කළා.
(lknews.lk)