Dambulla Thunders හිමිකරුට ඇප

June 07, 2024 - 12:26 PM

Dambulla Thunders ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු වූ තමීම් රහ්මාන් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මහතා අද (07) නියෝග කළා.

ඒ අනුව රුපියල් ලක්ෂ 05ක මුදල් ඇපයක් සහ මිලියන 10 බැවින් වූ ශරීර ඇප දෙකක් සැකකරුට නියම කර තිබෙනවා.

2024 LPL ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට බලපෑම් කළ බවට වන චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය 22 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
 
(lknews)