දමිතා යලි රිමාන්ඩ්

April 17, 2024 - 1:04 PM
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් අප්‍රේල් 24 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.  

සැකකරුවන්ට එරෙහි විමර්ශනය සංකීර්ණ හා දීර්ඝ  බැවින් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටි රහස් පොලිසිය සාක්ෂි සම්පින්ඩන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පොලීසිය අධිකරණයට පවසා ඇත්තේ සැකකරුවන්ගේ වත්කම් අනාවරණය කර ගැනීමට බැංකු වාර්තාද කැඳවා ඇති බවයි.

(lknews.lk)