බෙංගාල බොක්ක ආශ්‍රිතව අවදානම් තත්ත්වයක්

November 15, 2023 - 7:08 PM

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු අක්ෂාංශ 10 සහ 19ත් නැගෙනහිර දේශාංශ 82ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද ඉහළ යා හැකියි.

ඊට අමතරව එම මුහුදු ප්‍රදේශ රළු සහ ඉතා රළු විය හැකි අතර තද වැසි හෝ ගුගුරුම් සහිත වැසි ද ඇති වීමේ හැකියාව පවතිනවා.

එම නිසා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාළ මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙසත්, එම ප්‍රදේශවල දැනට ධීවර කටයුතුවල යෙදෙන්නේ නම් කඩිනමින් ගොඩබිමකට හෝ ආරක්‍ෂිත ස්ථානයකට යාත්‍රා කරන ලෙසටයි.
(lknews.lk)