ධනිෂ්ක වූ සිදුවීම දිග හරියි

September 18, 2023 - 7:06 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩුවේ විනිසුරුවරයාගේ නඩු විභාගය අද (18) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දිස්ත්‍රික් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම සම්බන්ධයෙන් ගුණතිලක එක් වරදකට වරදකරු බව පිළිගෙන තිබෙනවා.

ඒ අනුව සංසර්ගය අතරතුර කොන්ඩමයක් බිම තිබෙනු දුටු බවයි පැමිණිලිකාරිය ප්‍රකාශ කර ඇත්තේ.

එහිදී ධනිෂ්ක හිතාමතාම පැමිණිලිකාරියගේ කැමැත්තට පටහැනිව කොන්ඩමය ඉවත් කර ඇති බව සඳහන්.

ඉන් පසු පැමිණිලිකාරිය විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් යොමු කර තිබුණා.
(lknews.lk)