දසුන්ට ඩොලර් 10,000ක දඩයක්

February 20, 2025 - 11:15 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හිටපු නායක දසුන් ශානකට දඩ නියම කර තිබෙනවා.

ක්‍රිකට් මූලාශ්‍ර සඳහන් කළේ ඔහුට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් නියම කර ඇති බවයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ පෙබරවාරි 02වනදා පැවති දේශීය තරගයකදී තුවාල ලබා තිබියදීත්, විදේශීය ලීග් තරගයකට ක්‍රීඩා කිරීමෙන් ගිවිසුම්ගත බැඳීම් කඩකිරීම සම්බන්ධයෙන් මෙම දඬුවම නියම කර ඇති බවයි.

(lknews.lk)