නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

June 12, 2025 - 11:19 AM
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධනට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් 14වනදා කැඳවන ලෙස දින නියම කර තිබෙනවා. 

ඒ අභියාචනාධිකරණය විසින්.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. 

සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිනයක වන සුරාච් නිලංග විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
(lknews)