රටඉඳි බද්ද පහළට

March 02, 2024 - 2:50 PM
ආනයනය කෙරෙන රටඉඳි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දැමීමට රජය තීරණය කර තිබෙන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ, රාමසාන් උත්සව සමය නිමිත්තෙන්.

ඒ අනුව ආනයනික රටඉඳි 1kg සඳහා දැනට පවතින රු.200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා පහත දැමීමට නියමිත බවයි ඔහු පැවසුවේ.

ඇමති රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කලේ, මේ සහනය ලබා ගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසරය හිමි විය යුතු බවයි.
(lknews.lk)