විදුලි සැර වැදී ස්ථාන දෙකකින් මියගිය වන අලි දෙදෙනෙකුගේ සිරුරු හමු වෙයි

December 03, 2023 - 1:47 PM
කරුවලගස්වැව - සේවනුවර ප්‍රදේශයේ ස්ථාන දෙකක තිබී විදුලි සැර වැදීමෙන් මියගිය වන අලි දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

පෞද්ගලික ඉඩමක සවි කර තිබූ විදුලි වැටකින් මෙම අලි දෙදෙනාට විදුලි සැරවැදී ඇති බව සඳහන්.

මෙය අනවසරයෙන් ඉදිකරන ලද විදුලි වැටක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
(lknews.lk)