ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු දිනය දීර්ඝ කරයි

December 04, 2024 - 11:33 AM
2023/2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු දිනය ලබන 7වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ පසුගිය දිනවල පැවති ආපදා තත්වයන් සැලකිල්ලට ගනිමින්.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ එදිනට හෝ ඊට පෙර ආදායම් වාර්තා ගොනු කිරීමට කටයුතු කරන ලෙසයි.

මීට පෙර නොවැම්බර් මස 30 වැනිදා තෙක් ඒ සඳහා අවස්ථාව ලබා දී තිබුණා.

2017 අංක 24 දරණ දේශිය ආදායම් පනතට අනුව මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායම් ලබන්නන් බදු ගෙවිය යුතු වනවා.

(lknews)