අයහපත් කාලගුණය නිසා කෙන්යාවේ මිය ගිය ගණන 181ක් දක්වා ඉහළට

May 02, 2024 - 1:41 PM
කෙන්යාවේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අධික වැසි සහ ගංවතුර හේතුවෙන් නිවාස, මාර්ග, පාලම් සහ අනෙකුත් යටිතල පහසුකම් ද විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ගංවතුර සහ සුන්බුන් හේතුවෙන් නගරයට යන අධිවේගී මාර්ගයක කොටසක් සහ රට පුරා මාර්ග කිහිපයක් වසා දමා ඇති බව එරට ජාතික මහාමාර්ග අධිකාරිය ප්‍රකාශ කළා.

(lknews)