ජනකට මරණ තර්ජන එල්ලවෙයි

October 17, 2023 - 7:00 PM
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

ඒ බව අප කළ විමසීමකදී ඔහු සඳහන් කළා.

ජනක රත්නායක මහතා අප වෙත පැවසූවේ, මේ සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි.
(colombotimes)