අස්වැසුම ප්‍රතිලාභීන්ට යළි අයදුම්පත් කැඳවීමට තීරණයක්

December 25, 2023 - 1:55 PM
අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලබන ජනවාරි මාසයේ දී යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළා.

නිසි පරිදි ඉල්ලුම් පත්‍ර යොමුකිරීමට නොහැකි වු පාර්ශව සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජනාධිපතිවරයාගේ නියමය පරිදි යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසුවා.
(lknews.lk)