මෙරට ධීවර යාත්‍රා ගැන සංගණනයක් කිරීමට තීරණයක්

July 31, 2025 - 11:08 AM
මෙරට ධීවර යාත්‍රා පිළිබඳ සංගණනයක් කිරීමට තීරණය කර ඇති බව ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසනවා.

ඒ මෙරට වෙරළ කලාපවල පවිත්‍රතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින්.

ඒ අනුව මෙම සංගණනය අගෝස්තු 04වනදා සිට 20වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(lknews.lk)