ගිනි අවි නැවත භාරදීමට ලබාදුන් කාලය දීර්ඝ නොකිරීමට තීරණයක්

January 12, 2025 - 11:38 AM
පෞද්ගලික පරිහරණය සදහා ලබාදී ඇති ගිනි අවි යළි භාරදීමට ඇති කාලය කිසිසේත්ම දීර්ඝ නොකරන බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඔවුන් කියා සිටියේ දැනට පෞද්ගලික පරිහරණය සදහා පොලීසිය සහ යුද හමුදාව මඟින් බලපත්‍ර සහිතව ලබාදී ඇති ගිනි අවි මේ මස 20වන දිනට පෙර ආරක්ෂක අමාත්‍යාංශය භාර දිය යුතු බවයි.

එමෙන්ම එලෙස ලබා නොදෙන ගිනි අවි ළඟ තබා ගන්නා පුද්ගයන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා.

(lknews)