ඉන්ධන බදු සංශෝධනය නොකිරීමට තීරණය කරයි

January 13, 2025 - 3:51 PM
මේ වන විට ඉන්ධන සඳහා පනවා ඇති බදු සංශෝධනය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 2024 ජනවාරි 01වනදා සිට පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 72ක්, ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 50ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 57ක් වශයෙන් එම බදු මුදල ක්‍රියාත්මක වනවා.

ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව 2025 ජනවාරි 11වනදා සිට අදාළ බදු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

(lknews)