ප්‍රංශයෙන් ගබ්සාවට තීරණයක්

March 05, 2024 - 3:29 PM

ගබ්සා කිරීමට කාන්තාවන්ගේ නිදහස තහවුරු කිරීම සඳහා ඉදිරිපත් වූ ව්‍යවස්ථා සංශෝධනයට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව ගබ්සා කිරීමේ අයිතිය සිය ව්‍යවස්තාවට ඇතුළත් කල පළමු රට ලෙස ප්‍රංශය පත් වී තිබෙනවා.

එම පනතට පක්ෂව ඡන්ද 780ක් ද විපක්ෂව ඡන්ද 72ක් ද  හිමිව තිබුණා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශ කර ඇත්තේ, මෙම පියවර ප්‍රංශයේ අභිමානය දැක්වෙන විශ්වීය පණිවුඩයක් බවයි.

1975 වර්ෂයේ සිට ගබ්සාව ප්‍රංශයේ නීතියක්ව පවතින බවද ඔහු සඳහන් කළා.
(lknews.lk)