උසස් පෙළ විභාගය දින තුනකට නොපැවැත්වීමට තීරණයක්

November 26, 2024 - 8:03 PM
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පැවැත්වෙන අ. පො. ස උසස් පෙළ විභාගය දින තුනකට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ ඒ අනුව 27, 28 සහ 29 යන තෙදින අ. පො. ස උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බවයි.

විභාග දෙපාර්තමේන්තුවේ අද (26) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

(lknews.lk)