ඇමරිකාවෙන් සමාජ මාධ්‍ය ගැන තීරණයක්

March 26, 2024 - 3:53 PM
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ සම්බන්ධ නීතියට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් අත්සන් තබා ඇති බවයි.

ඒ අනුව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වයස අවුරුදු 14ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය ගිණුම් තිබීම නීතියෙන් තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ළමුන් හට දැනට පවතින සමාජ මාධ්‍ය ගිණුම් මකා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබා දී තිබෙනවා.
(lknews.lk)